බංග්ලාදේශ ප්‍රබලයින් දෙදෙනෙකුට ශ්‍රී ලංකා තරගාවලිය අහිමි වෙයි

   


බංග්ලාදේශ ප්‍රබලයින් දෙදෙනෙකුට ශ්‍රී ලංකා තරගාවලිය අහිමි වෙයි


බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක ෂකිබ් අල් හසන්ට සහ මුෂ්ටර්ෆිසූර් රෙහමාන්ට ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියට සූදානම්වීමට කාලයක් නොමැති බව වාර්තා වෙයි.

ඒ  බංග්ලාදේශයට පැමිණ දින 14ක කාලයක් නිරෝධායනයවීමට සිදුවීම හේතුවෙනි.

ෂකිබ් අල් හසන් සහ මුෂ්ටර්ෆිසූර් රෙහමාන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වු අතර එම තරගාවලිය කල්දැමීම හේතුවෙන් ඔවුන්ට නැවතත් සිය රට බලා පිටත්ව යෑමට සිදුව තිබේ.

එහිදී බංග්ලාදේශ රජය විසින් පනවා ඇති නිරෝධායන රෙගුලාසිවලට අනුකූලව දින 14ක කාලයක් නිරෝධායනයවීමට සිදු වී ඇත.

කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාගේ නිරෝධායන කාලය සීමා කරදෙන ලෙසට එරට ක්‍රිකට් ආයතනය රජයෙන් ඉල්ලීමක් කළ ද එය ප්‍රතික්ෂේප වී තිබේ.

ඉන්දියාවේ සිට බංග්ලාදේශ දක්වා ගුවන් ගමන් සිදු නොවන අතර ඔවුන් දෙදෙනා ඉදිරි දින කිහිපයේදී බංග්ලාදේශය වෙත ගෙන්වා ගැනීමට ක්‍රමවේදයක් සලසන බව වාර්තා වේ.

මේ අතර සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියේ තරග කාල සටහන ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කළේය.

ඒ සඳහා සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම මැයි 16 වනදා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා තරග 3ක් ඇතුළත් වන අතර පළමු එක්දින තරගය මැයි 23 වනදා ඩකා හිදී පැවැත්වේ.

දෙවන තරගය මැයි 25 වනදා, තුන්වන තරගය මැයි 28 වනදා පැවැත්වෙන අතර සියලු තරග දිවා රාත්‍රී තරග ලෙස පැවැත්වෙන්නේ ඩකා නුවරදීය. 

තරගාවලිය අවසන්වීමනේ පසු ශ්‍රී ලංකා කණ්ඩායම මැයි 29 වෙනිදා යළි දිවයිනට පැමිණීමට නියමිතය.


බංග්ලාදේශ ප්‍රබලයින් දෙදෙනෙකුට ශ්‍රී ලංකා තරගාවලිය අහිමි වෙයි

⬇️ අපගේ නිල වට්සැප් ගෘප් එකත් සමග අදම එකතු වන්න ⬇️

https://chat.whatsapp.com/LL5SZAwmTDp8pjAO7UbyxW

 

ඔබට දැනටමත් 1XBET ගිණුමක් නොමැති නම් ලියාපදිංචි වීමට පහත ලින්කුව භාවිත කරන්න, ලියාපදිංචි වීමේදී අමතක නොකර 1XSL ලෙස PROMO CODE එක යොදන්න.

ලොකොමොටිව් සහ ජෝකරිට් අතර තරගය [Kontinental Hockey League]

ලියාපදිංචි වීමේ ලින්කුව – http://bit.ly/1xLS_Reg

ප්‍රොමෝ කෝඩ් – 1XSL

Comments

Popular posts from this blog

GET A SAMSUNG GALAXY NOTE 10 PLUS FOR 8 EUR!

LIVE STREAM: ENGALND vs AUSTRALIA : ASHES SERIES 2019 5th Test Match

පැන්ඩෝරා ගේ නිධානය. Pandora's slots!